27 C
Colombo
18/01/2025

ජී එල් තීන්දුවක් ගනී – ඩලස් පිලට සමුදෙයි

Share with your friends :

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සමාරම්භක සභාපති ලෙස තේරී පත් වූ මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුත් සමගි ජන බලවේගය සමඟ සෘජුව කටයුතු කිරීමට තීරණය කර ඇති බවයි දේශපාලන ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ.

පීරිස් මහතා මෙතෙක් කටයුතු කළේ පාලක පොදු ජන පෙරමුණින් කැඩී ආ ඩලස් අලහප්පෙරුම මහතා ප්‍රමුඛ නිදහස් ජනතා සභාව මන්ත්‍රී කණ්ඩායම සමඟයි.

ඩලස් අලහප්පෙරුම මහතාගේ නායකත්වයෙන් යුත් කණ්ඩායම තවමත් කිසිදු පාර්ශ්වයකට සහයක් නොදී ස්වාධීනව පාර්ලිමේන්තුව තුළ කටයුතු කරන අතර මහාචාර්ය පීරිස් එම ස්ථාවරය ප්‍රතික්ෂේප කර තිබෙන බවයි එම ආරංචි මාර්ග වැඩි දුරටත් පෙන්වා දෙන්නේ.

මහාචාර්ය පීරිස්ගේ මතය වන්නේ ප්‍රධාන විපක්ෂය වන සමගි ජන බලවේගය සමග සෘජුව සම්බන්ධ වී කටයුතු කිරීමට දැන් කාලය එළඹ තිබෙන බවයි.

ඒ අනුව මහාචාර්ය පීරිස් මේ වන විට සමගි ජන බලවේගය හා එහි නායකත්වය දරන සජිත් ප්‍රේමදාස මහතා සමග සෘජුවම සම්බන්ධ වී දේශපාලන කටයුතුවල නියැලෙන බව එම දේශපාලන ආරංචි මාර්ග වැඩි දුරටත් සඳහන් කරනවා.

Share with your friends :