27 C
Colombo
24/11/2024

ජනතාවට කොකා පෙන්වූ හිටපු සභාපති අත්අඩංගුවට

Share with your friends :

උඩුනුවර ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති වරයා (එක්සත් ජනතා නිදහස් සන්ධානය) සැකපිට අත්අඩංගුවට ගත් බව පේරාදෙණිය පොලිසිය පැවසීය.

ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ විදේශ රටවල රැකියා ලබාදෙන බව පවසමින් විවිධ ප්‍රදේශවල පුද්ගලයන් රවටා රුපියල් කෝටියකට අධික මුදල් වංචා කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙනි.

සැකකරු කොරියාව, ජපානය ඇතුළු රටවල් ගණනාවක රැකියා ලබාදෙන බව පවසමින් රුපියල් ලක්ෂ 03 සිට ලක්ෂ 10 දක්වා මුදල් ලබාගෙන ඇති බවට පොලිස් විමර්ශනවලදී කරුණු අනාවරණය වී ඇත.

පේරාදෙණිය පොලිසියට පමණක් ලද පැමිණිලි 08ක් මත සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

Share with your friends :