27 C
Colombo
18/01/2025

කොවිඩ් වලින් බේරෙන්න-ජනාකීර්ණ ස්ථානවල මුව ආවරණ පළඳින්න නිතර අත් සෝදන්න

Share with your friends :

කොවිඩ් 19 වෛරසයේ උප ප්‍රභේදයක් වන JN1 හේතුවෙන් මෙරට තුළ වසංගත තත්වයක් ඇතිවීමේ අවදානම ඉතා අවම යයි සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

සංවෘත වාතාශ්‍රය අඩු, ජනාකීර්ණ ස්ථානවල මුව ආවරණ පැළදීම, නිතර අත් සේදීම, දුරස්ථ භාවය පවත්වා ගැනීම, කැස්ස සහ කිවිසුම් ආචාර පවත්වා ගැනීම මගින් ඉන්ෆ්ලුඑන්සා සහ වෙනත් ශ්වසන රෝග පැතිරීම වැළැක්වීම විශාල ලෙස අවම කර ගත හැකි බව නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍යංශය කියයි.

අවුරුදු 60ට වැඩි පුද්ගලයින්, නිදන්ගත රෝගවලින් පෙලෙන්නන්, ගර්භනී මවුවරුන් ශ්වසන රෝගවලට ගොදුරු වුවහොත් සංකුලතා ඇතිවීමේ අවදානම වැඩි බැවින් ඔවුන් විශේෂයෙන්ම ප්‍රවේශම් විය යුතු බවත් නිවේදනයේ දැක්වෙයි.

කෙසේ වෙතත් ගියවරද සෞඛ්‍ය අංශ නිසි වෙලාවට ජනතාව දැනුවත් නොකිරීම හා විද්‍යාත්මක තත්වයන් අනුව තීරණ නොගැනීම මෙරට බොහෝ ගැටලුවලට හේතුවක් විය.

Share with your friends :