27 C
Colombo
19/01/2025

එජාප නායකත්ව මණ්ඩලය පත් කෙර් – සෙසු තනතුරු ගණනාවක් අහෝසියි

Share with your friends :

එක්සත් ජාතික පක්ෂයේ නායකත්ව මණ්ඩලය මේ වන විට පත් කර තිබේ. ඒ සමග 2024 ජනවාරි 01 වැනිදා සිට පක්ෂයේ තීරණ හා බලතල මෙම නායකත්ව මණ්ඩලය සතුවේ.එතැන් සිට සෙසු නිලයන් ගණනාවක් අහෝසි කෙරේ.
රුවන් විජේවර්ධන , රවී කරුණානායක, අකිල විරාජ් කාරියවසම් , සාගල රත්නායක ,හරින් ප්‍රනාන්දු, නවීන් දිසානායක ,වජිර අබේවර්ධන එජාප නායකත්ව මණ්ඩලයට පත් කර තිබේ.
එක්සත් ජාතික පක්ෂයේ නව මහා ලේකම්වරයා ලෙස මැතිවරණ සඳහා තරග නොකරන පූර්ණ කාලීනව පක්ෂ කටයුතු වල නිරත විය හැකි පුද්ගලයෙකු පත් කෙරේ. එසේ පත් කරන තැනැත්තා සම්බන්ධයෙන ලබන සතිය වන විට තීරණය කිරීමට නියමිතය.
පසුගිය කාලය තුල එක්සත් ජාතික පක්ෂය යලි නගා සිටුවීම සඳහා කිසිදු වැඩපිළිවෙලක් ක්‍රියාත්මක නොවූ බවට රටපුරා පාක්ෂිකයන්ගෙන් චෝදනා නැගී තිබිණි. සිරිකොත පක්ෂ මුලස්ථානයේ පරිපාලන කටයුතු පවා සිදුව තුනේ මන්දගාමීවය.මේ නිසා සිරිකොත කාර්ය මණ්ඩලයේ චිත්ත ශක්තිය පවා පැවතුනේ පහල මට්ටමකය. මේ තත්වයට මුහුණදීම සඳහා නව නායකත්ව මණ්ඩලය වෙත වගකීම් රැසක් පැවරී තිබේ.කවර මැතිවරණයක් පැවැත්වුවද ඊට මුහුණදීම සඳහා සුදානම්වන ලෙස පක්ෂ නායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ පක්ෂයේ ප්‍රධානීන්ට මේ වන විට දැනුම්දී තිබේ. මේ අතර තරුණ තරුණියන් හා කාන්තාවන් පක්ෂය වෙත ආකර්ෂණය කර ගැනීමට හා පක්ෂ වැඩකටයුතු සඳහා ක්‍රියාකාරීව සම්බන්ධ කර ගැනීමට නව වැඩපිළිවෙල රැසක් ක්‍රියාත්මක කෙරේ.

Share with your friends :