27 C
Colombo
18/01/2025

2024 ඉන්දියානු මහා මැතිවරණයේදී මෝඩි පරදවන්න විපක්ෂයම එක්වෙයි

Share with your friends :

ඉන්දියානු මහා මැතිවරණය 2024 මාර්තු මාසයේ ආරම්භවී මැයි මාසයේ අවසන් වීමට නියමිතය. පසුගියදා පැවති ප්‍රාන්ත මැතිවරණ වලදී අගමැති නරේන්ද්‍ර මෝඩි ගේ භාරතීය ජනතා පක්ෂය ජයගත්තද මහමැතිවරණය වෙනුවෙන් ඉන්දියාවේ විපක්ෂයේ සියලු පක්ෂ එක්ව එරට ප්‍රජාතන්ත්‍රවාදය රක ගැනීම සඳහා සන්ධානයක් පිහිටුවා ගෙන තිබේ. ඒ අනුව විවිධ ආසන සඳහා විපක්ෂයේ සන්ධානය මගින් එක අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට නියමිතය.
පසුගිය මහා මැතිවරණයේදී භාරතීය ජනතා පක්ෂය ජයගත්තද ඔවුන් ලබා ගෙන තිබුනේ ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාවෙන් සියයට 37කි. සෙසු සියයට 63 ක ප්‍රතිශතය අනෙකුත් පක්ෂ ලබා ගෙන ඇති අතර ඔවුන් වෙන් වෙන්ව තරග කිරීම නිසා භාරතීය ජනතා පක්ෂයේ ජයග්‍රහණයට එය ප්‍රධානතම හේතුව විය. මෙවර විපක්ෂයේ පක්ෂ එක්ව සන්ධානයක් හා නිතරඟ ගිවිසුම් අනුව ඒකාබද්ධ වීම නිසා භාරතීය ජනතා පක්ෂයට මහා මැතිවරණයේදී දැඩි තරගයකට මුහුණ දෙන්නට සිදුවනු ඇත.මේ වන විට ඉන්දියාවේ ප්‍රධාන මාධ්‍ය ආයතන වලින් සියයට අනුවකට වැඩි ප්‍රමාණයක හිමිකාරිත්වය පවතින්නේ මෝඩිට හිතවත් ව්‍යපාරිකයන් අතය. එම නිසා විපක්ෂයටද මැතිවරණ සටන පහසු කටයුත්තක් නොවේ. කෙසේ වෙතත් ඉන්දියාවේ 2024 මහා මැතිවරණයේ ජයග්‍රාහකයා කවුරුන්ද යන්න 2024 මෙරට ජනාධිපතිවරනයටද තීරණාත්මක වනු ඇත.

Share with your friends :