27 C
Colombo
18/01/2025

ප්‍රංශය පරිසර දුෂණය අවම කරන්නට අභ්‍යන්තර ගුවන් ගමන් නවතා දුම්රිය යොදවයි

Share with your friends :

පරිසර දුෂණය අවම කිරීමේ අරමුණින් ප්‍රංශය විසින් තම රට තුල කෙටි දුර අභ්‍යන්තර ගුවන් ගමන් තහනම් කර තිබේ. මෙසේ තහනම් කෙරෙන්නේ අදාල ගමනාන්ත වලට පැය දෙකහමාරකින් දුම්රියෙන් ගමන් කල හැකි ප්‍රංශයේ නගර අතර අභ්‍යන්තර ගුවන් ගමන්ය.
සාමානයෙන් මගී දුම්රියක් නිකුත් කෙරෙන කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය මෙන් 77 ගුණයක් එම දුර ප්‍රමාණය ගමන් ගන්නා ගුවන් යානයකින් පිට කෙරෙන බව සොයා ගෙන තිබේ.
එසේම දුම්රියේ ගමන් ගැනීම ලාභදායක අතර කෙටිදුර අභ්‍යන්තර ගුවන් ගමන්වල සහ දුම්රිය ගමන අතර කාලයේ වෙනස විනාඩි 40 ක් පමණක් බව පැවසේ.
එසේම ප්‍රංශ දුම්රිය සේවය වන SNCF වෙත ප්‍රංශ රජය දැනුම් දී ඇත්තේ මේ තත්වය උපයෝගී කරගෙන ගාස්තු ඉහල දැමීම හෝ සේවා පහල දැමීම නොකළ යුතු බවයි.

Share with your friends :