27 C
Colombo
24/11/2024

පොහොට්ටුවේ නායකත්වය තවදුරටත් මහින්දට

Share with your friends :

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකත්වයට තව දුරටත් පත්කිරීමට එම පක්ෂයේ ජාතික සම්මේලනයේදී තීරණය කළහ.

මහින්ද රාජපක්ෂ මහතා එම පක්ෂයේ පරමාධිපත්‍ය නායකයා ලෙස හිටපු අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා යෝජනා කළ අතර හිටපු අමාත්‍ය ජෝන්ස්ටන් ප්‍රනාන්දු මහතා එම යෝජනාව ස්ථිර කළේය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ විශේෂ ජාතික සම්මේලනය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු එම පක්ෂය නියෝජනය කරන මැති ඇමැතිවරැ විශාල පිරිසක් සම්මේලනයට එකතු වී සිටියහ.

Share with your friends :