27 C
Colombo
25/11/2024

වැට් බද්ද වෙළඳ ඇමැතිට පීඩනයක්ලු

Share with your friends :

භාණ්ඩ වල වැට් බද්ද වැඩිවීම තමන්ට විශාල පීඩනයක් ගෙන දෙන්නක් බව වෙළද පාරිභෝගික හා ආහාර සුරක්ෂතා අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා පැවසීය.

අමාත්‍යවරයා මේ බව කීවේ ජා- ඇල මහජන ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මහපොළ අධ්‍යපන හා වෙළද ප්‍රදර්ශන භූමියේදීය.

” වැට් බද්ද 18% කින් වැඩිවනවි ට පාරිභෝගිකයාගේ පැත්තෙන් විශාල වශයෙන් තමාට පීඩනයක් ඇති බවත් පැවසූ ඔහු කීවේ කෙසේ වෙතත් මේ අවස්ථාවේදී රට පවතින තීරණාත්මක අවධිය නිසා සියලු දේයට වඩා රාජ්‍ය ආදායම වටිනා බවයි.

ඒ කෙසේ වෙතත් අතර මැදියන් බදු වැඩිවීමක් ගැන අසන්න ලැබුණ සැනින් බඩු මිල විශාල වශයෙන් වැඩි කරන්න ගන්නවායැයි කී අමාත්‍යවරයා පාරිභෝගික අධිකාරිය හා වෙළද අමාත්‍යංශය ඉදිරි සති කිහිපය තුළ මේ ගැන මැදිහත් වීමක් කරනවා යැයිද පැවසීය.

Share with your friends :