27 C
Colombo
19/01/2025

පොහොර වැඩි මිලට විකුණා රජයට පාඩු කළැයි සමාගම් 7ක බැංකු වාර්තා කැඳවයි

Share with your friends :

පොහොර සහනාධාර ජාතික වැඩපිළිවෙල යටතේ 2018 වසරේ සිට ආනයනය කළ “පොහොර තොග “සහන මිලට ලාංකීය ගොවි ජනතාවට ලබා නොදී වැඩි මිලට කර්මාන්තශාලාවලට අලවිකර රුපියල් කෝටි ගණනින් රජයට පාඩු කළේ යැයි කියන සමාගම් හතක බැංකු වාර්තා කැඳවන ලෙසට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා අද(14) නියෝග කළේය.
අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය අධිකරණයට ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් පසුව ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේය .
එක් පොහොර සමාගමක් රුපියල් කෝටි දහයක් පමණ වංචා කර රජයට පාඩු කර ඇති බවට කරුණු ඉදිරිපත් කළ අතර රුපියල් 1100 ක සහන මිලට ගොවීන්ට ලබා දීමට තිබූ පොහොර රුපියල් 3500ක මිලකට කර්මාන්තශාලාවලට අලෙවි කළ බවට තොරතුරු අනාවරණය වන බවද කරුණු ඉදිරිපත් කර ඇත .
කෘෂිකර්ම අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරුන්වන සුමේධ පෙරේරා සහ රුවන් චන්ද්‍ර යන මහත්වරුන් කළ පැමිණිල්ලක් අනුව මෙම විමර්ශන ආරම්භ කර ඇත .
ජාතික පොහොර ලේකම් කාර්යාලය දියත් කළ ජාතික වැඩපිළිවෙළක් යටතේ පොහොර මෙරටට ආනයනය කිරීම සඳහා සමාගම් දහ අටකට 2018 වසරේදී අවසර ලබාදී ඇත .
රුපියල් 2500 කට ආනයනය කරන පොහොර රුපියල් 1100 ක සහන මිලට ගොවි ජනතාවට ලබා දීමේ ගිවිසුමේ යටතේ පොහොර ගෙන්වා ඇති අතර සමාගම්වලට අහිමිවන රුපියල් 1400 ක මුදල රජයෙන් එම සමාගම් වලට ගෙවීමටකටයුතු සම්පාදනය කර ඇත .

Share with your friends :