27 C
Colombo
19/01/2025

IMF ණය අනුමතයි – විදුලි ගාස්තු පහලට – බදු අඩුවීමක්

Share with your friends :

ලබන දෙසැම්බර් මාසයේදී IMF දෙවන ණය වාරිකය ශ්‍රීලංකාව වෙත ලැබීමට නියමිතය. ඒ සමග ශ්‍රීලංකාව නිල වශයෙන් බකොලොත්භාවයෙන් මිදීමට නියමිතය. ඒ අනුව එයින් පසුව මෙරට ආර්ථිකය යලිත් යථා තත්වයට නිල වශයෙන් පත්වනු ඇති අතර වෙනත් ණය දෙන ආයතන සමග සාමාන්‍ය පරිදි කටයුතු කරන්නට අවස්ථාව ලැබේ. ඒ සමග ආසියානු සංවර්ධන බැංකුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 200 ක්ද , ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 100 ක්ද ලෙස ඩොලර් මිලියන 300 ක් ශ්‍රීලංකාවට ලැබීමට නියමිතය. ඉන්පසුව අතර මග නවතා දමා ඇති සංවර්ධන ව්‍යපෘති රැසක් යලි ආරම්භ කෙරේ. එසේම විදුලි ගාස්තු නැවත අඩු කිරීමට නියමිතය. උපයන විට ගෙවන බද්ද ඇතුළු බදු කීපයක යම් අඩුවීමක් සිදු කරන්නටද නියමිතය

Share with your friends :