27 C
Colombo
20/01/2025

e -පාස්පෝර්ට් ටෙන්ඩරය ප්‍රංශ තලිස් සමාගමට දෙන්න පිරිවිතර හදලා ?

Share with your friends :

ආගමන විගමන දෙපාර්තමේන්තුව නව e පාස්පෝර්ට් ටෙන්ඩරය මේ වන විට රජය හා ව්‍යාපාරික අංශ වල දැඩි කතාබහට ලක්ව තිබේ. ප්‍රංශයේ තලිස් සමාගමට එම ටෙන්ඩරය ලබාදීම සඳහ ටෙන්ඩර් පිරිවිතර සකස් කර ඇති බවට චෝදනා පවතී. මීට පෙරද මේ සම්බන්ධයෙන් නැගුනු චෝදනා හේතුවෙන් මෙම ටෙන්ඩරය නැවත කැඳවන ලෙස ජනාධිපතිවරයාද නියෝග කර තිබු අතර මෙවර එය කැඳවන්නේ දෙවන වරටය. ආගමන විගමන දෙපාර්තමේන්තුව සම්බන්ධ වූ කටුනායක ගුවන් තොටුපලේ e – gate ටෙන්ඩරය හිමි කරගෙන සිටින්නේද තලිස් සමාගමය. තලිස් සමාගමේ දේශීය නියෝජිතයා ජස්ට් ඉන් ටයිම් සමාගමය. එහි හිමිකරු ජිත් වර්ණකුලසූරිය වන තර රටේ ඉහලම දේශපාලන සම්බන්ධතා ඔහුට හිමිය.
මේ අතර ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ සිංගප්පුරු වේ හා යුරෝපයේ සංචාර සඳහා අනුග්‍රහකත්වයන් සැපයීම සම්බන්ධයෙන් චෝදනා එල්ලවී ඇත.
මේ සම්බන්ධයෙන් ආගමන හා විගමන පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය ගෙන් කල විමසීමේදී ” අප කිසිදු සමාගමකට වාසි වන ආකාරයට පිරිවිතර සකස් කර නැහැ. මීට අදාළ පෙර ඉල්ලුම් ටෙන්ඩර් රැස්වීම ලබන 23 වැනිදා තියෙනවා , එහිදී ඕනෑම කෙනෙකුට මීට විරෝධය පල කරන්න පුළුවන්, එවිට අප අවශ්‍ය ඕනෑම වෙනස්කමක් කරන්න සුදානම්.මුලින් අප පාස්ප්පොර්ට් ලක්ෂ පනහක් මේ ටෙන්දරයෙන් මිලදී ගන්නවා. සාමාන්‍යයෙන් මසකට අසුපන්දහසක් පමණ පාස්පෝර්ට් නිකුත් කරනවා , මහජන ආරක්ෂක අමාත්‍යංශයේ නම් කිරීම අනුව සිංගප්පුරුවේ e -gate පරීක්ෂාවකට අප දෙපාර්තමේන්තුවේ අතිරේක පාලකවරයා සිංගප්පුරුවේ සංචාරය කළා . ඒ දැනටමත් අදාළ e -gate ටෙන්ඩරය හිමි කරගෙන ඇති තලිස් සමාගමේ අනුග්‍රහයෙන්, අපේ තවත් නිලධාරීන් තිදෙනෙක් බෙල්ජියමේ සංචාරය කලේ IOM සංවිධානයේ අනුග්‍රහයෙන් සංක්‍රමිනිකයන් සම්බන්ධ පුහුණු වැඩසටහනකට ” යයි සඳහන් කළේය.

Share with your friends :