27 C
Colombo
18/01/2025

ශ්‍රීලංකා ටෙලිකොම් බංකොලොත් කල නිලධාරීන්ට එරෙහිව වෘත්තීය සමිති අධිකරණයට

Share with your friends :

ශ්‍රීලංකා ටෙලිකොම් ආයතනය බංකොලොත් භාවයට පත් කරමින් ඊට බරපතල පාඩු සිදු කල ඉහල නිලධාරීන් කීප දෙනෙකුට එරෙහිව නීතිමය පියවර ගැනීම සඳහ ටෙලිකොම් වෘත්තීය සමිති නායකයන් සාකච්ඡා පවත්වා තිබේ.
මේ වන විට ඔවුන් ඊට අදාළ නීති උපදෙස් ලබා ගෙන ඇති අතර ඉහල පෙලේ නීතීඥ වරු කීප දෙනෙක් මේ වන විටත් ඊට සහය ලබාදීමට එකඟ වී තිබේ.
I – SRILANKA ව්‍යාපෘතිය, IPTV ගනුදෙනුව ,LGN ව්‍යාපෘතිය , වයිමැක්ස් ව්‍යාපෘතිය, වෙන්ඩ ෆයිනෑන්ස් ගනුදෙනුව, ERP ව්‍යාපෘතිය ආදී ව්‍යාපෘති කීපයකට වගකිවයුතු නිලධාරීන්ට එරෙහිව මෙහිදී පියවර ගැනීමට නියමිතය.
පසුගිය දිනවල රාජපක්ෂ වරුන්ට එරෙහිව රට බංකොලොත් භාවයට පත් කිරීම සම්බන්ධ අධිකරණ ක්‍රියාමාර්ග පාදක කර ගෙන ඒ අනුව ටෙලිකොම් ආයතනය ට පාඩු සිදුකල නිලධාරීන්ට එරෙහිව නඩු පවරා අදාල පාඩුව මොවුන්ගෙන් නැවත අයකර ගැනීම සඳහා මෙසේ අධිකරණ ක්‍රියා මාර්ග ගැනේ.
මේ අනුව එම ආයතනයේ දැනට සිටින නිලධාරීන් කීපදෙනෙකුට මෙන්ම විශ්‍රාම ගිය හා නිවාඩු ලබා විදේශ ගතව සිටින නිලධාරීන් කීපදෙනෙකුට එරෙහිව මෙසේ නීතිමය පියවර ගැනේ.

Share with your friends :