27 C
Colombo
19/01/2025

රජයේ පාසල් 10,126 ම දියුණු කිරීමට අවශ්‍ය ක්‍රමවේදය අප සකස්‌ කර අවසන්

Share with your friends :

“බංකොලොත් වූ රටක පාසල් පද්ධතිය දියුණු කිරීම සඳහා මනා සැලැස්මක් අනුව ක්‍රියා කළ යුතුයි. අපේ රටේ රජයේ පාසල් 10,126 ම දියුණු කිරීමට අවශ්‍ය සාර්ථක ක්‍රමවේදයක් අප සැලසුම් කර අවසන්” යයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
ජනජීවිතය, අධ්‍යාපනය, සෞඛ්‍ය ඇතුළු සෑම අංශයකින්ම රට බංකොලෙත් කිරීමට මුල් වූ පුද්ගලයන්ට එරෙහිව සමගි ජනබලවේගයේ බුද්ධි මණ්ඩපයේ සාමාජිකයන් සහ සමගි නීතිඥයින් එක්ව ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සමට අදාළව ලැබුණු ඓතිහාසික තීන්දුව මගින් රට ආර්ථික වශයෙන් කඩා වැට්ටවීමට මුල්වූවන් සහ ඔවුන් ගත් වැරදි ආර්ථික තීන්දු තීරණ රටට අනාවරණය වූ බවත් විපක්ෂ නායකවරයා අවධාරණය කළේය.
සක්වල වැඩසටහනේ 48 වැනි අදියර යටතේ මොරටුව රාවතාවත්ත මෙතෝදිස්ථ විද්‍යාලයට සුහුරු පන්ති කාමරයක් ලබාදීමේ අවස්ථාවට එක්වෙමින්, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙම අදහස් ප්‍රකාශ කළේය.

Share with your friends :