27 C
Colombo
19/01/2025

මහජන බැංකුව කෝටිපතියන් රැසකගේ මිලියන 54,000 ක (බිලියන 54) ණය කපා හැරලා

Share with your friends :

මහජන බැංකුව රුපියල් මිලියන 54,000 (බිලියන 54) ණය බොල් ණය ලෙස කපා හැර තිබේ. පසුගියදා මහජන බැංකුවේ සභාපති සුජීව රාජපක්ෂ කෝප් කමිටුව හමුවේ මේ බව හෙළි කර ඇත.

මුදු, මාල, කරාබු උකස් කර ගත් ණය හෝ කුඩා ව්‍යාපාර ණය, නිවාස ණය හෝ වෙනත් එවැනි ණය කපා නොහැර දේපල අත්පත් කරගන්නා මහජන බැංකුව මෙසේ සුපිරි ධනපතීන්ගේ ණය බොල් ණය ලෙස කපා හැර තිබේ.

ණය කපා හැර ඇති දස දෙනෙකුගේ නම් සහ කපා දැමූ ණය මුදල් ප්‍රමාණය මෙසේය.

01. යශෝධා සමූහය – රුපියල් මිලියන 24000 කි.
02. දයා ගමගේ. – රුපියල් මිලියන 2647 කි.
03. අර්ජුන් ඇලෝසියස් – රුපියල් මිලියන 3242 කි.
04. Grand Mountain හෝටලය – මාතලේ – රුපියල් මිලියන 3685 කි.
05. CML.MTD. කණ්ඩායම් ව්‍යාපාර – රුපියල් මිලියන 5028 කි.
06. Huravi International සමාගම. – රුපියල් මිලියන 2521 කි.
07. නවලෝක සමාගම – රුපියල් මිලියන 1442 කි.
08. මිහින් ලංකා සමාගම – රුපියල් මිලියන 2566 කි.
09. සතොස. – රුපියල් මිලියන 5443 කි
10. ශ්‍රී උපකරණ මූල්‍ය. – රුපියල් මිලියන 3173 කි

Share with your friends :