27 C
Colombo
19/01/2025

වෙළඳ ඇමතිගේ තීරණයෙන් මහා පරිමාණ පොල්තෙල් සමාගම්වල කල්ල මරේ

Share with your friends :

මහා පරිමාණ පොල්තෙල් සමාගම් කීපයකට අසීමිත ලාභ ලැබීමට හැකිවන පරිදි නව නීති සකස් කර දීමට ආණ්ඩුව පියවර ගෙන තිබේ. වසර සියගණනක් තිස්සේ සම්ප්‍රදායිකව පොල්තෙල් භාවිත කල ජනතාවට මෙතෙක් නොතිබි අනිසි බියක් ඇති කරමින් ඒ සඳහා නව නීති ප්‍රතිපාදනද සකස් කරදී තිබේ. මෙරට පොල්තෙල් නිෂ්පාදන සමාගම් කීපයක් පසුගිය කාලයේ මහාපරිමාණ තෙල් මෝල් මෙරට ආරම්භ කල අතර ඔවුන්ට තිබු බාධාව මෙරට සුළු පරිමාන පොල්තෙල් නිෂ්පාදකයන්ය. මෙවැනි නීති සකස්කර ඒ බාධාව නැතිකර දෙන්නට වෙළඳ ඇමතිවරයා පියවර ගෙන තිබේ. රටේ ජනතාව දිනෙන් දින ආර්ථික අපහසුතාවන්ට මුහුණ දෙමින් සිටියදී බදු මිල අඩුකර ජනතාවට සෙත සැපයීම වෙනුවට මහා පරිමාන පොල් තෙල් සමාගම්වලට අසීමිත ලාභ ලබා දෙන්නට වෙළඳ අමාත්යංශය පියවර ගෙන තිබේ.
ඒ අනුව මෙරට අළෙවි කරන සියලුම වර්ගවල පොල්තෙල්වල වර්ගය සහ මිල මුද්‍රිතව ප්‍රදර්ශනය අනිවාර්ය කර තිබේ. පොල්තෙල් වර්ගය සහ මිල ප්‍රදර්ශනය නොකරන වෙළෙඳසැල්වලට මුද්‍රා තබන බව වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්‍ෂිතතා අමාත්‍ය නලීන් ප්‍රනාන්දු පවසා තිබේ,

මෙරට අළෙවි කරන ආනයනික සහ මෙරට නිෂ්පාදිත පොල්තෙල්වල ‘ඇල්ෆටොක්සින්’ නැමැති පිළිකා කාරකය බහුලව අඩංගු බවට පැමිණි ලැබෙන බව පවසා ඇති අමාත්‍යවරයා ප්‍රමිතියෙන් තොර පොල්තොල් පිළිබඳව නීතිය ක්‍රියාත්මක කිරීමට පාරිභෝගික කටයුතු අධිකාරියට බලය පවරා ඇති බව ප්‍රකාශ කර තිබේ. මේ අනුව මෙරට පොල් තෙල් මිල ජනතාවට දරා ගත නොහැකි තරමට ඉහල යනු ඇත . මහජනතාව මෙවැනි පැමිණිලි සිදු නොකරන අතර ඒවා පසුපස සිටින්නේද මහා පරිමාන පොල්තෙල් සමාගම්ය. ලොව දියුණු රටවල් පවා තම රටේ කුඩා සහ මධ්‍ය පරිමාන කර්මාන්ත කරුවන්ට විශේෂ අවස්ථා ලබා දෙමින් එම නිෂ්පදයක්යන්ට දිරි දෙමින් කටයුතු කරද්දී අප වැනි කුඩා රටක් මෙලෙස කුඩා පර්මිමනයේ නිෂ්පාදකයන් විනාශ වන ආකාරයෙන් කටයුතු කිරීම කණගාටුදායකය.

Share with your friends :