27 C
Colombo
19/01/2025

මියුසියස් විදුහලේ නම කැත කරන පාලක මණ්ඩල ලොක්කා ,,,,,,

Share with your friends :

මෙරට බෞද්ධ කාන්තා අධ්‍යපනයේ මුදුන්මල්කඩ වැනි කොළඹ මියුසියස් විද්‍යාලයට වර්තමානයේ අත්වෙමින් පවතින ඉරණම සම්බන්ධයෙන් එහි දැරියන්ගේ දෙමාපියන් මෙන්ම ආදී සිසුවියන්ද දැඩි කනස්සල්ලෙන් පසුවෙති.

එහි පාලක මණ්ඩලයට මෑත කාලයේ පත්වූ ප්‍රබලයකුගේ ක්‍රියාවන් නිසා අද එම කාන්තා විදුහලේ තරුණ වැදගත් ගුරුවරියන්ට තම ගරුත්වය ආරක්ෂා කරගනිමින් ගුරු වෘත්තියේ නියැලෙන්නට නොහැකි තත්වයක් නිර්මාණය වෙමින් පවතී. කාලාන්තරයක් තිස්සේ එම විද්‍යාලයේ විදුහල්පතිනියන් ලෙස පත්වුයේ රටේ ප්‍රධාන පෙලේ බාලිකා විද්‍යාලවල විශ්‍රාම ගිය කීර්තිමත් විදුහල්පතිනියන්ය. ඔවුහු විදුහලේ කීර්තිනාමය රැක ගනිමින් රටේ පර්ධනතම බාලිකා විද්‍යාලයක් ලෙස එය දිගින් දිගටම රැක ගත්හ, එහෙත් මෑත කාලීනව පාලක මණ්ඩලයට පත්වූ ප්‍රබලයකු ගේ කටයුතු මේ සියල්ල කණපිට පෙරලන්නට සමත්විය.
පෙර පාසල් ගුරුවරියකව සිට මියුසියස් විද්‍යාලයේ මොන්ටිසෝරි ගුරුවරියක බවට පත්වූ කාන්තාවක එම විද්‍යාලයේ විදුහල්පතිනිය ලෙස පත් කරගන්නට මේ තැනැත්තා නොගත් උත්සහයක් නැත. මේ හේතුව නිසා මියුසියස් විද්‍යාලයට විදුහල්පතිනියක නොමැතිව පවත්වා ගෙන යන්නට පවා මොහු කටයුතු කල අතර අවසානයේ අධ්‍යාපන අමාත්‍යංශයට පවා ඒ සඳහා මැදිහත්වන්නට සිදු විය. පසුව වෙනත් විදුහල්පතිනියක පත් කල අතර එහෙත් මතුව ආ විරෝධතා මැද පවා අදාළ ගුරුවරිය එම විද්‍යාලයේ පහල අංශයක ප්‍රධාන තනතුරක මේ වන විට කටයුතු කරයි. මේ තත්වය හා අදාළ ප්‍රබලයාගේ කටයුතු නිසා මේ වන විට විදුහලේ ගුරුවරියන් අතර බෙදීමක් ඇතිවී ඇති අතර එම තත්වය විදුහලේ අධ්‍යාපන කටයුතු වලටත් එදිනෙදා කටයුතු වලටත් බලපෑම් ඇති කර තිබේ.විද්‍යාලයේ සම්ප්‍රදායයන් බිඳ වැටෙමින් තිබේ. එම නිසා වහාම වගකිවයුතු පාර්ශව එක්ව වහාම මෙම ජාතික සම්පතක් වන් බෞද්ධ පාසල රැක ගැනීමට කටයුතු කරන ලෙසට එම විද්‍යාලයේ දෙමාපියෝ වගකිව යුතු අංශ වලට බල කර සිටිති.

Share with your friends :