27 C
Colombo
23/09/2024

ශ්‍රී ලංකාවට ක්‍රිකට් තහනමක්

Share with your friends :

අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ ශ්‍රී ලංකාවේ සාමාජිකත්වය තාවකාලිකව අත්හිටවූ බව එම සභාව අද (10) පස්වරුවේ නිල වශයෙන් නිවේදනය කළේය.

තහනමට අදාළ කොන්දේසි පසුව දැනුම්දෙන බවත් අන්තර්ජාතික ක්‍රිකට් සභාව සඳහන් කළේය.

අන්තර්ජාතික ක්‍රිකට් සභාව අද පස්වරුවේ රැස් වූ අවස්ථාවේදී මෙම තීරණයට එළඹ තිබේ.

මෙම තහනම අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ඉදිරියේදී කිසිදු අන්තර්ජාතික තරගයකට සහභාගී විය නොහැකි අතර අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ කිසිදු රැස්වීමකට සහභාගී විය නොහැක.

මෙම තහනම අනුව අන්තර්ජාතික ක්‍රිකට් සභාව ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත ඉදිරියේදී කොන්දේසි පැනවෙනු ඇත.

Share with your friends :