27 C
Colombo
23/09/2024

’ක්‍රිකට් හොරුන්ගෙන් ජනපති බේරා ගනිමු’’

Share with your friends :

කවුරුන් හෝ ජනාධිපතිතුමා විනාශ කිරීමට උත්සාහ දරමින් සිටින්නේ යැයි තමාට පෙනෙන බවත් ක්‍රිකට් ආයතනයේ දූෂිත හොරු රැලට ජනාධිපතිතුමාට ළංවීමට ඉඩ නොදිය යුතු බවත් ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පාර්ලිමේන්තුවේදී අද (8) පැවසීය.

ජනාධිපති කාර්ය මණ්ඩලය ඇතුළෙත් නොයෙකුත් දේවල් සිදුවන බව පැවසූ අමාත්‍යවරයා ඒ ගැන විමර්ශන කරන්නැයි ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බවද ප්‍රකාශ කළේය.

මේ රටේ අමාත්‍යවරයෙකුට තර්ජනය කිරීමට තරම් මෙම හොරු රැල බලවත් බවත් ජනාධිපතිවරයා අයිපීඑල් තරගය නරඹමින් සිටියදී ඔහුගේ පිටුපස සිටියේ ක්‍රිකට් ආයතනයේ ශම්මි සිල්වා ගේ ආරක්ෂකයාවූ පාතාල කරුවකු බවත් ඔහු සඳහන් කළේය.

එම පාතාලකරු ඒ ස්ථානයේ සිටිනු දැක තමා බියට පත්වූ බවද රොෂාන් රණසිංහ මහතා කීවේය.

Share with your friends :