27 C
Colombo
23/09/2024

පොහොට්ටුවෙන් ජනපතිට බරපතල ලිපියක්

Share with your friends :

මේ අතර වහාම ක්‍රියාත්මක කරන්නැයි ඉල්ලමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට විශේෂ ඉල්ලීම් හතරක් ඉදිරිපත් කරමින් .පක්ෂයේ ලේකම්වරයාගේ අත්සනින් ලිපියක් යවා තිබේ.
සමෘද්ධි සහනාධාරය දිගටම පවත්වාගෙන යෑම, පොහොර සහනාධාරය දීම දිගටම කරගෙන යෑම,මන්ත්‍රී විමධ්‍යගත ප්‍රතිපාදන යළි ලබාදීම සහ රජයේ ආයතන ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේදී රැකියා නැති නොකිරීම එම ඉල්ලීම් හතර වේ.
රටේ දුප්පත්කම නැති කිරීමට ඇති හොඳම යාන්ත්‍රණය සමෘද්ධි ව්‍යාපාරය හෙයින් එම ව්‍යාපාරය වෙනත් නම් ගෙනවිත් වෙනස් කිරීම සුදුසු නැති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපතිවරයාට යැවූ ලිපියෙන් දැනුම්දී ඇත.
මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා යහපත් ප්‍රතිචාර දක්වනු ඇ තැයි බලාපොරොත්තු විය හැකිය. අයවැය සඳහා පොදුජන පෙරමුණේ සහාය ලබා ගැනීම තීරනාත්මක වන අතර තම ඉල්ලීම් ලැබුණු බව පවසමින් අයවැයට පක්ෂව ඡන්දය භාවිත කිරීම සාධාරණීකරණය කරන්න්නටද මේ අනුව පොදු ජන පෙරමුණට හැකියාව ලැබේ.
වර්තමානයේ රටේ පවතින තත්වය අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහට පිදුජන පෙරමුණත් , පොදු ජන පෙරමුණට රනිල් වික්‍රමසිංහත් අත්‍යවශ්‍යවේ. එහෙත් මේ වන විට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ බලපෑම් මත රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ ආණ්ඩුව ගන්නා තීරණ නිසා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන්ට ජනතාව වෙත යා නොහැකි තත්වයක් උද්ගතවී තිබේ.

Share with your friends :