27 C
Colombo
19/01/2025

හමුදාවේ වැඩි පිරිසක් ඉහල නිලධාරීන්ගේ නිවෙස් වල සේවයේ ලු ?

Share with your friends :

මේ සියල්ල අතරේ හමුදාව අඩකින් අඩු කිරීමට රජය ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන තිබේ. රටේ ලක්ෂ දෙකක හමුදාවක් සිටියද එයින් සියයට හැටකට වැඩි පිරිසක් යොදවා ඇත්තේ ඉහල හමුදා නිලධාරීන්ගේ පුද්ගලික කටයුතු , නිවෙස් වල වැඩ කටයුතු , දූදරුවන්ගේ වැඩ කටයුතු සඳහා බව කියවේ. හමුදාවල ඉහල නිලධාරීන්ට ලබාදී ඇති වාහන බොහොමයක් බිරින්දෑවරුන්ට ෂොපින් යන්නටත් දරුවන් පාසල් ගෙන යන්නටත් යොදා ගන්නා බවටත් යුද සමයේ මෙන් අසීමිත වරප්‍රසාද හමුදාවේ ප්‍රබලයන්ට පමණක් නොව විශ්‍රාමික නිලධාරීන්ට පවා ලබා දෙන බවටත් චෝදනා එල්ල වෙමින් පවතී. යුද්ධය අවසන්වී වසර පහළොවකට ආසන්න කාලයක් තිස්සේ මේවා ලබාදීමද රට මෙතරම් ආර්ථික අර්බුදයකට මුහුණ දෙමින් තිබියදී මේවා ලබාදීමද බරපතල තත්වයකි. රටේ අයවැයෙන් වැඩිම වියදමක් දරන්නේ ආරක්ෂක අමාත්‍යංශයටය. මේ වැය කරන්නේ ජනතා මුදල්ය.

Share with your friends :