27 C
Colombo
20/01/2025

ශ්‍රීලංකාවේ බෞද්ධ සිද්ධස්ථාන ආලෝකමත් කරන්නට ඉන්දීය රජයේ සහය

Share with your friends :

ඉන්දු – ලංකා බෞද්ධ සබඳතා ශක්තිමත් කිරීම වෙනුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 15ක ප්‍රදානයක් ඉන්දීය රජය විසින් ලබාදී තිබේ.
මෙම ඇමෙරිකානු ඩොලර් මිලියන 15 ක ප්‍රදානය යටතේ ආරම්භ කෙරෙන පළමු ව්‍යාපෘතිය ලෙස ඇමෙරිකානු ඩොලර් මිලියන 10 ක ප්‍රතිපාදන මඟින් ශ්‍රී ලංකාව පුරා පිහිටා ඇති බෞද්ධ ආගමික සිද්ධස්ථානවල සූර්ය විදුලි ව්‍යාපෘති ආරම්භ කිරීමට නියමිත අතර, එම ව්‍යාපෘතිය සඳහා වන අවබෝධතා ගිවිසුම ද දෙපාර්ශ්වය අතර හුවමාරු කර ගැනීම පසුගියදා
ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ඉන්දීය රජයේ මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් අතර කොළඹ කොටුව ජනාධිපති මන්දිරයේදී සිදුවිය.

බෞද්ධ විහාර ඉදිකිරීම සහ ප්‍රතිසංස්කරණය කිරීම, සංස්කෘතික හුවමාරුව, පුරාවිද්‍යා සහයෝගීතාව, දෙරට අතර අන්‍යෝන්‍ය වශයෙන් ධාතුන්වහන්සේලා ප්‍රදර්ශන කිරීම ඇතුළු ආගමික සහයෝගීතාව වැඩිදියුණු කිරීමට මෙම මූල්‍ය ප්‍රදානය යොදා ගැනීමට හැකියාව පවතී.

Share with your friends :