27 C
Colombo
21/01/2025

මැතිවරණවලට ධනපතීන්ට පමණක් එන්න ගාස්තු වැඩිකරන යෝජනා

Share with your friends :

ජනාධිපතිවරණයට තරඟ වදින අපේක්ෂකයෙකු තැන්පත් කළ යුතු ඇප මුදල රුපියල් ලක්ෂ 26 ක් දක්වා වැඩි කිරීමට යෝජනා කර තිබේ.

මෙතෙක් පිළිගත් දේශපාලන පක්ෂයකින් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන් තැන්පත් කල යුත්තේ රුපියල් 50,000ක මුදලක් වන අතර රුපියල් ලක්ෂ 26 දක්වා වැඩි කිරීමට යෝජනා වී ඇත.

ස්වාධීන අපේක්ෂකයෙකු තැන්පත් කළ යුතු ඇප මුදල දැනට පවතින රුපියල් 75,000 ක සීමාවේ වන අතර එය රුපියල් ලක්ෂ 31 දක්වා ඉහළ දැමීමට යෝජනා වී ඇත.

මෙසේ තැන්පත් කරන අප මුදලින් රුපියල් ලක්ෂයක් ආපසු නොගෙවන ඇප මුදල් වන අතර අනෙක් මුදල් ආපසු ගෙවන ඇප ලෙස තැන්පත් කිරීමට ද යෝජනා වී ඇත.

ඒ සමගම පාර්ලිමේන්තු, පළාත් සභා හා පළාත් පාලන ආයතනවල අපේක්ෂකයන් ද තරග කිරීමේ දී තැන්පත් කළ යුතු ඇප මුදල ද ඉහළ දැමීමට යෝජනා වී තිබේ. ප්‍රජාතන්ත්‍රවාදී රටක ඕනෑම පුරවැසියකුට මැතිවරණ වලට ඉදිරිපත්වීම සඳහා පහසුකම් ඇති කිරීම කලයුතු අතර මෙවැනි දේ වලින් සිදුවන්නේ තවදුරටත් රටේ පාලනය ධනවත් පක්ෂ හා ව්‍යපාරිකයන් අතර පමණක් පැවතීම පමණි.

Share with your friends :