27 C
Colombo
20/01/2025

ශ්‍රිලංකාවේ එක්කෝටි විසිලක්ෂයක් දැඩි අවදානම් තත්වයක ….

Share with your friends :

ශ්‍රී ලංකාවේ ජනගහණය වන දෙකෝටි විසි ලක්ෂයකට වැඩි පිරිසෙන් එක්කෝටි විසි ලක්ෂයකට වැඩි පිරිසක් අවදානම් ආර්ථික මට්ටමක පසුවන බව එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන නිකුත් කළ බහුමාන අවදානම් දර්ශකය මත පදනම් වූ ප්‍රතිපත්ති වාර්තාවක සඳහන්වේ.

මේ අනුව ශ්‍රී ලංකාවේ පුද්ගලයන් 10 දෙනකුගෙන් 6 දෙනකුම ආර්ථික අවදානම් කලාපයේ පසුවෙති.
ජනතාව ආර්ථික අවදානම් කලාපයට ඇතුළත්වීම ප්‍රතිශතයක් ලෙස සියයට 55.7 ක් වන අතර ග්‍රාමීය ප්‍රදේශවල මෙය සියයට 82 ක් තරම් ඉහළ තත්වයක් ගනී.
පුත්තලම දිස්ත්‍රික්කය අවදානම වැඩිම ප්‍රදේශය වන අතර එහි අවදානමට ලක් වූවන්ගේ ප්‍රතිශතය සියයට 71.8 කි.

Share with your friends :