ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතට එරෙහිව ගොනුකර ඇති පෙත්සම විභාගයට නොගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (19) තීරණය කළේය.
ශ්‍රේෂ්ඨාධිකරණය මෙසේ තීරණය කළේ නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් නෙරින්පුල්ලේ මහතා ඉදිරිපත් කළ කරුණු සැලකිල්ලට ගැනීමෙන් පසුවය.
මෙම පෙත්සම අගවිනිසුරු ජයන්ත ජයසූරිය, මෘර්දු ප්‍රනාන්දු සහ අර්ජුන ඔබේසේකර මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ සළකා බැලින.
නීතිපති වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ නෙරින් පුල්ලේ මහතා කියා සිටියේ මෙම පනත් කෙටුම්පත පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට ඇතුලත් කර පසුව ඉවත් කරගෙන ඇති බවට කතානායකවරයා දැනුම් දී ඇති බවයි.