ශ්රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට එරෙහිව පනවා තිබූ ක්‍රිකට් තහනම ඉවත් කිරීමට ශ්‍රී ලංකා ක්රිකට් ආයතනය පියවර ගෙන තිබේ.
ඕස්ට්‍රේලියාදී ඔහුට එල්ල වූ ස්ත්‍රී දූෂණ චෝදනා සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කරන ලද කමිටු නිර්දේශ මත එම තීරණය ගත් බව ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.
2022 වසරේ ඕස්ට්‍රේලියාවේ පැවති විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය අතරතුර එල්ල වූ ස්ත‍්‍රී දුෂණ චෝදනාවක් මත ඔහු එරට පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන පවත්වන ලද දීර්ඝ නඩු විභාගයෙන් පසු ඔහු නිදොස් කොට නිදහස් කිරීමට අධිකරණය තීන්දු කළේය.
ශ‍්‍රී ලංකා ක්රිකට් ආයතනය ද 2022 නොවැම්බර් මාසයේ සිට ධනුෂ්කට ක්‍රිකට් තහනමක් පනවන ලදී.