27 C
Colombo
25/11/2024

චීන රජය ජනපති රනිල් උණුසුම් අයුරින් පිළිගනී !

Share with your friends :

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිව්දින නිල සංචාරයක් සඳහා චීනය බලා පිටත්ව ගිය අතර, බීජිං නුවරට ළඟා වූ ජනාධිපතිවරයාට එහිදී උණුසුම් පිළිගැනීමක් හිමි විය.

එහිදී “එක් තීරයක් – එක් මාවතක්” සමුළුවට සහභාගී වන ජනාධිපතිවරයා, චීන ජනාධිපති ෂී ජින් පිං මහතා හමුවීමට ද නියමිත අතර 20 වනදා දක්වා චීනයේ රැඳී සිටීමට නියමිතය.

ජාත්‍යන්තර සහයෝගීතාව සඳහා වන “එක් තීරයක් – එක් මාවතක්” තෙවැනි සමුළුව 17 ඇරඹෙන අතර , රටවල් 130ක නියෝජිතයින් සහ ගෝලීය සංවිධාන 30ක් පමණ සහභාගී වන සමුළුවේ මෙවර තේමාව ”පොදු සංවර්ධනයක් සහ සශ්‍රීකත්වයක් උදෙසා එක්වෙමු’‘ යන තේමාවයි.

මෙරට ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සිය සංචාරය තුළදී චීන රජය සමග සාකච්ඡා පැවැත්වීමට ද සැලසුම් කර ඇත.

Share with your friends :