27 C
Colombo
19/02/2025

‘‘ සියලු දෙනාගේම සහයෙන් තිරසාර වර්ධනයක් කරා රට මෙහෙයවනවා‘‘

Share with your friends :

ශ්‍රී ලාංකිකයන්ගේ සහ ජාත්‍යන්තර ප්‍රජාවේ සහයෝගය ඇතිව තිරසාර වර්ධනයක් කරා ශ්‍රී ලංකාව මෙහෙයවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 78 වැනි සැසිවාරය අමතමින් ඇමෙරිකාවේ නිව්යෝර්ක් නුවර දී අද (21) ප්‍රතිඥා ලබා දුන්නේ ය.

ශ්‍රී ලාංකිකයන් සැමට සාමය සහ සෞභාග්‍යය සහතික කරමින් ඒ ගමන යන බවද ජනාධිපතිවරයා කීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 10ට පමණ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරය ඇමැතීය.

“2030 න්‍යාය පත්‍රය වෙනුවෙන් සාමය, සෞභාග්‍යය, ප්‍රගතිය සහ තිරසාරභාවය මත පදනම්ව තිරසර සංවර්ධන ඉලක්ක ජයගැනීමේ ක්‍රියාමාර්ග වේගවත් කිරීම සඳහා විශ්වාසය යළි ගොඩනැංවීම සහ ගෝලීය සහයෝගීතාව යළි ඇති කිරීම” යන තේමාව යටතේ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරය 18 වැනි දා ඇරැඹුණු අතර අද ( 21) සමුළුවේ අවසන් දිනයයි.

2030 වන විට විදුලි බලයෙන් 70% පුනර්ජනනීය බලශක්තියෙන් සපයා ගැනීමට ද, වනාන්තර ආවරණය 32% ක දක්වා වැඩි කිරීමටද ඉලක්ක කර ගනිමින් කටයුතු කරන බව ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

Share with your friends :