තමිල්නාඩුවේ නාගපට්ටිනම් සහ ශ්‍රී ලංකාවේ කන්කසන්තුරෙයි අතර මගී ප්‍රවාහන බෝට්ටු සේවය ඔක්තෝබර් මස පළමු සතියේදී ආරම්භ වීමට ඉඩ ඇතැයි තමිල්නාඩු අමාත්‍ය ඊ.වී වේලු ප්‍රකාශ කර ඇත.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය ජූලි මාසයේ සිදුකළ ඉන්දියානු සංචාරය අතරතුරදී ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර මගී ප්‍රවාහන සේවයක් ආරම්භ වන බව නිවේදනය කළේය.
බෝට්ටු සේවය ආරම්භ කිරීම සඳහා ඉන්දීය නැව් සමාගම 150 කට ගමන් කර හැකි අධිවේගී මගී ප්‍රවාහන බෝට්ටුවක් ලබා දීමට නියමිතව ඇත.නාගපට්ටිනම් සහ කන්කසන්තුරෙයි අතර දුර නාවික සැතපුම් 60 ක පමණ දුරක් තිබෙන බවත් එම ගමන සඳහා පැය 3 ක 4 ක පමණ කාලයක් ගත වනු ඇති බවත් අමාත්‍යවරයා පෙන්වා දී තිබේ.