සියලුම ඉන්ධන වර්ගවල මිල ඉහළ දැමූ බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව පැවසීය.
ඒ අනුව ලංකා පෙට්රල් ඔක්ටේන් 92 ලීටරයක් රුපියල් 13 කින්, ලංකා පෙට්රල් ඔක්ටේන් 95 ලීටරයක් රුපියල් 42 කින්, ඩීසල් ලීටරයක මිල රුපියල් 35 කින්, ලංකා සුපිරි ඩීසල් ලීටරයක් රුපියලකින් සහ භූමිතෙල් ලීටරයක මිල රුපියල් 5 කින් ඉහළ දැමූ බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව සඳහන් කළේය.
එම මිල ඉහළ දැමීත් සමඟ ලංකා පෙට්රල් ඔක්ටේන් 92 ලීටරයක නව මිල රුපියල් 361 ක්, ලංකා පෙට්රල් ඔක්ටේන් 95 ලීටරයක නව මිල රුපියල් 417 ක්, ලංකා ඩීසල් ලීටරයක නව මිල රුපියල් 341 ක්, ලංකා සුපිරි ඩීසල් ලීටරයක නව මිල රුපියල් 359 ක් සහ භූමිතෙල් ලීටරයක නව මිල රුපියල් 231 බවට පත්වූ බව ඛනිජ තෙල් සංස්ථාව වැඩිදුරටත් සඳහන් කළේය.