27 C
Colombo
28/11/2024

ආනයන සීමා ලිහිල් කිරීම් පාර්ලිමේන්තු අනුමැතියට

Share with your friends :

ආනයන අපනයන පාලන පනත යටතේ නිකුත් කළ රෙගුලාසි පාර්ලිමේන්තුවේ අනුමැතියට ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

මගී මෝටර් රථ සහ ඇතැම් තෝරාගත් භාණ්ඩ සඳහා ආනයන සීමා කිරීම් තවදුරටත් පවත්වා ගනිමින් ආනයන සීමා කිරීම සඳහා පනවන ලද 2023 අංක 2 දරණ ආනයන හා අපනයන පාලන රෙගුලාසි මගින් මඟින් තාවකාලිකව ආනයනය අත්හිටුවා ඇති තවත් භාණ්ඩ ගණනාවකට අදාළ ආනයන සීමා කිරීම් ඉවත් කිරීමට අදාල පාර්ශවයන් සමඟ පැවති සාකච්ඡාවක දී එකඟතාවයකට එළැඹ තිබේ.

ඒ සඳහා විධි විධාන සලසමින් 2023 අංක 11 දරණ ආනයන හා අපනයන පාලන රෙගුලාසි 2023-7- 20 දින ඇති අංක  2341/38 දරන අති විශේෂ ගැසට් නිවේදනය මගින් ප්‍රකාශයට පත් කරනු ලැබ තිබේ.

ඒ අනුව 1969 අංක 1 දරණ ආනයන හා අපනයන පාලන පනතේ විධිවිධාන පරිදි එකී රෙගුලාසි  අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබී තිබේ

Share with your friends :