රජයට සිය සේවා පවත්වාගෙන යෑම සඳහා දිනකට රුපියල් කෝටි 543 ක් ණය ගැනීමට සිදුව ඇතැයි මුදල් අමාත්‍යාංශ වාර්තාවල දැක්වෙන බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා පැවැසීය.
මේ අතර මෙම වසරේ මුල් මාස පහ තුළ රජයේ සාමාන්‍ය දිනක වියදම රුපියල් කෝටි 1425 ක් බව පැවසූ මේ අනුව තම සියලු වියදම් පියවා ගැනීම සඳහා රජයට දිනකට රුපියල් කෝටි 677කට ආසන්න ණය මුදලක් ගැනීමට සිදුව ඇතැයිද ඔහු කීවේය.
රජය සිය වියදමින් සියයට 91 ක් දරන්නේ පුනරාවර්තන වියදම්(පඩි නඩි) සඳහා බවත් ප්‍රාග්ධන වියදම් සඳහා වැය කෙරෙන්නේ සියයට 9 ක් බවත් වසන්ත අතුකෝරළ මහතා පැවසීය.
මේ අතර මෙම වසරේ පසුගිය මාස පහ තුළ රජයේ මුළු ආදායම රුපියල් කෝටි 112243 ක් බවටත් රජයේ වියදම රුපියල් කෝටි 213710ක් බවටත් වාර්තා වන්නේ යැයි හෙතෙම සඳහන් කළේය.
රජය 2023 අයවැය අනුව ආදායම ලෙස රුපියල් කෝටි 341500 ක් අපේක්ෂා කළද මුල් මාස පහ තුළ ලැබී ඇත්තේ රුපියල් කෝටි 112243 ක් පමණක් බවද ඔහු පැවසුවේය.