27 C
Colombo
18/01/2025

උතුරේ කුඩා වැවි සියල්ල සිඳෙයි

Share with your friends :

උතුරු පළාතට බලපා ඇති දැඩි නියං තත්වය හේතුවෙන් උතුරේ පිහිටි කුඩා වැව් 2066 ම සම්පූරණයෙන්ම සිඳී යාමේ දැඩි අවධානමක් පවතින බවට උතුරේ වාරිමාර්ග නිලධාරීහු පෙන්වා දෙති.

උතුරු පළතේ පිහිටි දිස්ත්‍රීක්ක වූ යාපනය දිස්ත්‍රීක්කයේ කුඩා වැව් 494 ක්, කිලිනොච්චියේ 391 ක් මන්නාරම් දිස්තීක්කයේ වැව් 372 ක්, මුලතිව් දිස්ත්‍රීක්යේ 167 ක් සහ වව්නියාව දිස්ත්‍රීක්කයේ 642 ක් වශයෙන් පිහිටා ඇත.

මේ අතර කුඩා වැව් ආශ්‍රෙයන් උතුරු පලාතේ සාමාන්‍ය වැසියන් පවුල් 33,000 කට අධික ප්‍රමාණයක් දෛනික කටයුතු කරගනිමින් ජීවත් වන අතර කුඩා වැව් සිඳී යාම හේතුවෙන් එම ජනතාව දැඩි පීඩාවන්ට පත්ව සිටිති.

කුඩා වැව් සිඳී යාම හේතුවෙන් ගොවැතැන් කටයුතු වෙතටද දැඩි බලපෑමක් එල්ලවී ඇති වාතාවරනයක බොහෝ ජනතාවක් එදිනෙදා කටයුතු සිදුකරගැනීමට නොහැකිව ජලය සොයා යාමට සිදුව ඇතැයි වාර්ථා වෙයි.

Share with your friends :