27 C
Colombo
25/11/2024

ඉන්දු ලංකා ආර්ථික හවුල්කාරීත්වයක්

Share with your friends :

ඉන්දියාව සහ ශ්‍රි ලංකාව අතර අන්‍යෝන්‍ය ආර්ථික සබඳතා වර්ධනය කරගැනීම සඳහා දෙරට අතර ඉන්දු – ලංකා ආර්ථික හවුල්කාරිත්වයක් ඇති කර ගැනීම වැදගත් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දියාවේ නවදිල්ලි නුවර දී අද (21)පැවසීය.

එවැනි ආර්ථික හවුල්කාරීත්වයක් දෙරට අතර ඓතිහාසික සංස්කෘතික බැඳීම තවදුරටත් ශක්තිමත් වීමට හේතුවක් බව ද ජනාධිපතිවරයා කීය.

ඉන්දියාවේ දෙදින නිල සංචාරයක නිරතව සිටින ජනාධිපතිවරයා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා හමුවී සාකච්ඡා පැවැත්වීමෙන් අනතුරුව ඉන්දීය මාධ්‍ය සඳහා ප්‍රකාශයක් නිකුත් කරමින් මේ බව සඳහන් කළේය.

ශ්‍රී ලංකාව ස්ථීර ලෙස ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරමින් සිටින බවත්, ඒ හරහා දැනටමත් රට ස්ථාවර වීමේ සාධනීය ප්‍රතිඵල පෙන්නුම් කරමින් තිබෙන් බවත් පැවසූ ජනාධිපතිවරයා ශ්‍රී ලංකාව මේ වන විට ලබා ඇති ප්‍රගතිය රටේ මෙන්ම බාහිර පාර්ශවයන්ගේ ද විශ්වාසය යළි ඇති කිරීමට හේතු වී තිබෙන බව සඳහන් කළේය.

Share with your friends :