දුම්රිය දෙපාර්තමේන්තුවේ ප්‍රතිව්‍යුහගතකරණය ගැන තීරණය පිළිබඳව ආණ්ඩුවේ ප්‍රධාන අමාත්‍යවරයෙක් සහ ආණ්ඩුවට සහයෝගය දක්වන ප්‍රබල පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් අතර සීතල යුද්ධයක් නිර්මාණය වී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය.
ප්‍රබල අමාත්‍යවරයා දුම්රිය පෞද්ගලීකරණය නොකර අධිකාරියක් බවට පත්කළ යුතු යැයි මතයේ පසුවන බවත් දුම්රිය දෙපාර්තමේන්තුව කොටස් වශයෙන් බදු දීමට ප්‍රබල මන්ත්‍රීවරයා යෝජනා කර ඇති බවත් එම නිලධාරියා කීය.
දුම්රිය දෙපාර්තමේන්තුව දුම්රිය මාර්ග අනුව සමාගම්වලට බදු දීමට කටයුතු කළ යුතු බවට අදාල මන්ත්‍රීවරයා ප්‍රකාශ කරන බව ද එම නිලධාරියා වැඩි දුරටත් සඳහන් කළේය.