27 C
Colombo
19/01/2025

ටියුෂන් ඇදුරෝ ගිණි කති – ඇතැම් ටියුෂන් ගුරුවරුන්ගේ මාසික ආදායම රුපියල් මිලියන හත්සියයක් ?

Share with your friends :

උපකාර පන්ති ඇතැම් ගුරුවරුන් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගෙන් අසාධාරණ මාසික ගාස්තු අය කරන බවට මවුපියෝ මැසිවිලි නගති.

බොහෝ ගුරුවරුන් විශේෂයෙන්ම උසස් පෙළ විද්‍යා සහ ගණිත විෂයන් සඳහා එක් සිසුවකුගෙන් රුපියල් 3500 සහ 4000 වැනි අධික මාසික ගාස්තු අය කරන බව මවුපියෝ පිරිසක් පැවසූහ.
ඇතැම් ටියුෂන් ගුරුවරුන්ගේ මාසික ආදායම රුපියල් මිලියන හත්සියය ඉක්මවන බව පැවසේ. එසේම බොහෝ ටියුෂන් ගුරුවරු මහා පරිමාන ටියුෂන් පන්ති ශාලා වල හිමිකරුවන් බවද පැවසේ .
මේ පන්ති මාසික ගාස්තුවලට අමතරව ඇතුළත්වීමේ ගාස්තුද වෙනම අය කරන බව පවසන එම පිරිස රටේ පවතින ආර්ථික තත්වය සැලකිල්ලට ගෙන ගුරුවරුන් මේ අවස්ථාවේදී සාධාරණ විය යුතු බව පෙන්වා දෙති.

පෞද්ගලික පන්තිවල අය කෙරෙන ගාස්තු සම්බන්ධයෙන් කිසියම් නියාමනයක් ඇති කරන්නැයි මවුපියෝ රජයෙන් ඉල්ලීමක් කරති.

සමහර ගුරුවරුන්ට මෙලෙස විශාල මුදලක් අය කිරීමට සිදුව ඇත්තේ තමන් යටතේ විශාල කාර්ය මණ්ඩලයක් නඩත්තු කිරීම නිසා බව දැනගන්නට ඇත. සමහර කාර්ය මණ්ඩලවල දහය,දොළහ සිටින බව කියති.

මේ තත්වය හේතුවෙන් දරුවන් පෞද්ගලික උපකාර පන්ති වලට යැවීමට බොහෝ මවුපියන්ට සිය කණකර ආභරණ පවා උකස් කිරීමට සිදුව ඇතැයි වාර්තා වේ.

මේ අතර රජයට බදු ගෙවීම පැහැර හැර සිටින පිරිස අතර රටපුරා ටියුෂන් ගුරුවරුන් විශාල පිරිසක්ද සිටින බව මුදල් අමාත්‍යාංශ ආරංචි මාර්ගවලින් පැවසෙයි.

Share with your friends :