27 C
Colombo
19/01/2025

රජරට වකුගඩු රෝහලට අසාධ්‍යයයි

Share with your friends :

පොලොන්නරුව ජාතික වකුගඩු රෝහලට ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණෙන රෝගීන්ට ප්‍රමාණවත් තරම් ඖෂධ නොමැතිකමින් තමන් දැඩි අසරණ තත්ත්වයකට පත්ව ඇතැයි වකුගඩු රෝගීහු පවසති.

මෙම රෝහලේන් නේවාසික ප්‍රතිකාර මෙන්ම දෛනිකව සායනික රෝගීන්හු විශාල ප්‍රමාණයක් පැමිණෙති. නේවාසික රෝගීන්ට මෙන්ම බාහිර ප්‍රතිකාර ගැනීමට එන ප්‍රමාණවත් තරම් ඖෂධ නොමැතිකමින් ඔවුහු දැඩි පීඩාවකට පත්වෙති.

මෙම රෝහලේ වකුගඩු රෝගීන් 100කගේ පමණ ඒකවර රුධිර කාන්දුකරණයට යොමු කළ පරිදි පහසුකම් සලසා ඇතත් ඖෂධ හිඟය නිසා දැනට දිනකට අධියර 2 ක් යටතේ රෝගීන් 100කට පමණ රුධිර කාන්දුකරණය සිදු කරනු ලබයි.

පොලොන්නරුව දිස්ත්‍රීක්කයේ රුධිර කාන්දුකරණයට රෝගීන් 150 පමණ දිනකට යොමුවන අතර ඉන් වැඩි පිරිසක් යොමු වන්නේ පොලොන්නරුව වකුගඩු රෝහලටයි. ඉතා සුළු පිරිසක් මැදිරිගිරිය මූලික රෝහලට සහ හිගුරක්ගොඩ රෝහල වෙත යොමු වෙති.

වකුගඩු රෝහල වෙත ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණෙන බාහිර රෝගීන්ට සේම නේවාසික රෝගීන්ට ප්‍රමාණවත් තරම් ඖෂධ නොමැතිකම හේතුවෙන් රෝගීන්ට සිදුව ඇත්තේ වැඩිමිලට පෞද්ගලික ඖෂධාගාරවලින් මිලදී ගැනීමට බව රෝගීහු පවසති.

මෙම රෝහලට ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණි රෝගීයකු අප වෙත කියා සිටියේ මසකට වකුගඩු දීමනාව ලෙස රුපියල් 5000 මුදලක් ලැබුනද ඒය ඖෂධ ලබා ගැනීමට තරම් ප්‍රමාණවත් නොවන බවයි.

වකුගඩු දීමනාව ද මාස දෙකකින තමන්ට නොලැබුන බවත් මෙවර සායනයෙන් පිට ඖෂධහල්වලින් ලබා දුන් ඖෂධ මිලදී ගැනීමට ප්‍රමාණවත් මුදල් නොමැතිකම නිසා වචනෙන් කිව නොහැකි අසරණකමක් දැනුන බව කදුළු පිරි දෙනෙතින් යුතුව අපවෙත කියන්නට විය.

රෝගීන්ට පිටතින් මිලදී ගැනීමට ලියන ලද ඖෂධවල මිල සම්බන්ධව පොලොන්නරුව දිස්ත්‍රීක් ඖෂධහල් හිමියන්ගේ සංගමයේ සභාපති සුජීව ගුණතිලක මහතාගෙන් අප කළ විමසීමකදී ඔහු කිය.

වෛද්‍යවරුන් නිර්දේශ අනුව රෝගීන් විශාල පිරිසකට ඖෂධ මිලදී ගැනීමට පැමිණෙනවා. එහෙම එන අය අතේ තියන මුදලට දින කීපයකට ඖෂධ අරන් යනව. නැවත බෙහෙත් ගන්න එන්නේ නෑ. එහෙම එන අවස්ථාව ඉතාම අඩුයි

රජය ඖෂධ වර්ගවල මිල ගණන් 16% අඩු කළා. නමුත් එම මිල 50% අඩු කිරීමට රජයට හැකියාවක් තියෙනවා. රටට ඖෂධ වර්ග ආනයනය කරනා මහා පරිමාණ සැපයුම්කරුවන් අධික ලාභයක් මේ තුළින් ලබනවා. ඒම මාපියාව නතර කරනවා නම් ඒ්ක රෝගීන්ට දැඩි අත්වැසිල්ලක්.

ඖෂධ අලෙවි කිරීම තුලින් අපිට තියෙන්නේ 10% ලාභයක් මසකට විදුලි බිල පමණක් රුපියල් 85 000 පමණ වෙනවා. ඖෂධ මිල අඩු කළොත් අපිටත් සහනදායී ලෙස ඖෂධ ලබා දිය හැකි බව ඒ් මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Share with your friends :