සමගි ජන බලවේගයේ මීලඟ ජනාධිපතිවරණ අපේක්ෂකයා පක්ෂ නායක සජිත් ප්‍රේමදාස බවට අද(16) රැස්වූ එම පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය ඒකමතිකව තීරණය කරනු ලැබීය.
සමගි ජන බලවේගයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ දී අද පස්වරුවේ පැවැත්විණ.
එළැඹෙන ජනාධිපතිවරණයට සමගි ජනබලවේගය ප්රමුඛ සමගි ජන සන්ධානයෙන් ඉදිරිපත් විය යුත්තේ සජිත් ප්‍රේමදාස මහතා බව සුජීව සේනසිංහ මහතා සහ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා විසින් යෝජනා කළ අතර කෘත්‍යාධිකාරි මණ්ඩලය විසින් එය ඒකමතිකව අනුමත කරනු ලැබීය.