ඇමෙරිකා එක්සත් ජනපදයේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් ඉදිරි දින කීපය තුල අත්අඩංගුවට ගැනීමට නියමිතය.
2016 ජනාධිපතිවරණය ආසන්නයේ නිල් චිත්රපටි නිලියක් සමග පැවති සම්බන්ධතාවයක් ගැන තොරතුරු අනාවරණය නොකිරීම සඳහා ඇයට ඩොලර් එක්ලක්ෂ තිස් දහසක මුදලක් ලබා දීම ට්රම්ප් ජනාධිපතිවරයාට නැගී ඇති චෝදනාවයි,
ඔහුට නිව්යෝර්ක් හිදී නඩු පැවරීමට ජුරි සභාව තීරණය කර ඇති අතර දැනට ෆ්ලොරිඩාහි වාසය කරන ට්රම්ප් නිව්යෝර්ක් වෙත පැමිණීමට නියමිතය.එහිදී ඔහු අත්අඩංගුවට ගැනීමට හා අනතුරුව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
අපරාධ චෝදනාවකට අත්අඩංගුවට ගැනෙන හෝ නඩු විභාගයකට මුහුණ දෙන ප්රථම ඇමරිකානු ජනාධිපතිවරයා ට්රම්ප්ය.
රිපබ්ලිකන් පක්ෂයේ 2024 ජනාධිපතිවරණ අපේක්ෂකත්ව සටනේ ඉදිරියෙන්ම සිටින්නේද ට්රම්ප්ය. මෙම නඩුව ට්රම්ප්ට ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත්වීමට නීතිමය බාධාවක් නොවේ.
previous post