විදුලිය ගාස්තු ඉහළ දැමීමට එරෙහිව අද (8) පස්වරු 6.30 සිට රාත්රී 7 දක්වා රටපුරා සියලු විදුලි පහන් නිවා දමා නිහඬ විරෝධතාවක් පළකරන ලෙස ඕමල්පේ සෝභිත නාහිමියෝ ජනතාවගෙන් ඉල්ලීමක් කරති.
උන්වහන්සේ මෙසේද පැවසූහ.
“කරුණාවෙන් ඉල්ලා සිටිනවා මේකට නිහඬ විරෝධතාවයක් දක්වන්න. මේ අඩ හෝරාව කරුණාකර ලයිට් නිවලා විරෝධය පළ කරන්න අපිට පුළුවන්”
මේ අතර පුර පසළොස්වක පොහොය යෙදී තිබූ ඊයේ (06) දිනයේද විදුලි කප්පාදුව කිරීම සම්බන්ධයෙන් මහා සංඝරත්නය ඇතුළු පාර්ශ්ව රැසක් සිය විරෝධය ප්රකාශ කළහ