රට බංකොලොත් තත්ත්වයට පත්ව තිබේ දී විපක්ෂය විසින් මැතිවරණ පවත්වන්නැයි ඉල්ලා සිටින්නේ තවත් රට බංකොලොත් කිරීමට බව එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අභයවර්ධන මහතා පවසයි.
ඇද වැටී තිබූ රට ජනාධිපතිවරයා භාරගෙන යම් මට්ටමකට ගෙනැවිත් තිබියදී මැතිවරණ පවත්වන්නැයි විපක්ෂයේ ඉල්ලීම් කරන්නේ ජාත්‍යන්තර බලවේගවල උවමනාවට බව ද හෙතෙම කියා සිටියි.
ජනතාව තෙල් ගෑස් ඇතුළු පෝලිම් වල ගත කළ කාලය අවසන් කර දෙසැම්බර් 31 වෙනිදා නව වසර සැමරූ ආකාරය රට පුරා වාර්තා වූ බව ද ඒ ගැන සමාජ මාධ්‍ය වලින් ජනාධිපතිවරයාට යහපත් ප්‍රතිචාර දක්වා තිබූ ඔහු පැවසීය.
රටේ තරුණ තරුණියන් පසුගිය කාලයේ ඉල්ලා සිටියේ සැබෑ වෙනසක් ඇති කරන ලෙස බවත් එය ඇති කිරීමට නම් සියලු දෙනා එකතු වී වැඩ කළ යුතු බවත් හෙතෙම තවදුරටත් කියා සිටියේය.
කොළඹදී මාධ්‍ය අමතමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.