27 C
Colombo
27/02/2025

අපනයන ආදායම ගැන මහ බැංකු අධිපති රහසක් කියයි

Share with your friends :

ශ්‍රී ලංකාවේ අපනයනකරුවන් ඉකුත් සැප්තැම්බර් සහ ඔක්තෝබර් යන මාසවල ආපනයන ආදායමනේ සියයට 100ක්ම මුදල් මෙරටට ගෙන්වා ගෙන හෝ මෙරට බැංකු පද්ධතියට එවා තිබෙන බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා කියයි.

ආපනයනකරුවන් විදේශ රටවල මුදල් තබා නොගන්නා බව එමගින් පැහැදිලිවන බව ද මහ බැංකු අධිපතිවරයා පවසා තිබේ.

තවද ඇඟළුම් කේෂත්‍රයේ අපනයනකරුවන් සිය ආදායමෙන් සියයට 25ක් සෘජුවම රුපියල් බවට පරිවර්ථනය කර තිබෙන බව ද මහ බැංකු අධිපතිවරයා සඳහන් කර ඇත.

ඒකාබද්ධ ඇඟළුම් සංගම් සංසදයේ සාමාජිකයන් අපනයන ආදායම නැවත මෙරටට ගෙන්වා ගැනීමට මහ බැංකු නීතිවලට අනුව කටයුතු කරන බව ද එම සංසදය සඳහන් කරයි.

Share with your friends :