ඩීසල් මිල පහළ ගිය ද බස් ගාස්තු අඩු කිරීමට බාධාවක් වී ඇති ‘කොවිඩ්’ නිර්දේශ චක්‍රලේඛය ඉවත්කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය කැමැත්ත පළකර ඇතැයි ප්‍රවාහන අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් පැවසීය.
‘කොවිඩ්’ පැතිර යෑම වැලැක්වීම සඳහා පොදු ප්‍රවාහන බස් රථවල ආසන ගණනට පමණක් මගීන් ගෙනයා යුතු යැයි සෞඛ්‍ය අමාත්‍යංශය නිකුත් කළ චක්‍රලේඛය හේතුවෙන් බස්හිමියන් සඳහා ලබාදුන් සියයට 10 ක අමතර බස් ගාස්තුව වැඩිවීම පහත දැමීමට නොහැකි වී ඇති බවත් එම චක්‍රලේඛය ඉවත් කළ වාහාම බස් ගාස්තු සංශෝධනය කිරීමට ජාතික ගමනා ගමන කොමිසම සූදානමින් සිටින බවත් එම නිලධාරියා සඳහන් කළේය.