අතරමග නැවතුණු මහපොළ අධ්‍යාපනික හා වෙළෙඳ ප්‍රදර්ශන මේ වසර අවසන් වීමට පෙර යළි ආරම්භ කරන බව වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පැවසීය.
මහපොළ අධ්‍යාපනික හා වෙළෙඳ ප්‍රදර්ශන ආරම්භ කරනු ලැබුවේ දිවංගත අමාත්‍ය ලලිත් ඇතුලත්මුදලි මහතා විසිනි.
මෙම අධ්‍යාපනික සහ වෙළෙඳ ප්‍රදර්ශන පසුගිය වසර කිහිපයේදී ක්‍රියාත්මක නොවීම පිළිබඳවද කමිටුවේ අවධානය යොමුවිය.
මේ පිලිබදව අවධානය යොමු වූයේ වෙළඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය (21) වැනිදා පාර්ලිමේන්තුවේදී පැවැති එම අමාත්‍යාංශයීය පළමු උපදේශක කාරක සභා රැස්වීමේදීය.
වාර්ෂික වාර්තා හයක්ද මෙහිදී සලකා බැලිණ.
එසේ සලකා බැලුණේ , 2017 සහ 2018 වසර සඳහා සමුපකාර තොග වෙළඳ සංස්ථාවේ (සතොස) වාර්ෂික වාර්තාව සහ ගිණුම්, 2018 වසර සඳහා සීමාසහිත ලංකා සතොස ආයතනයේ වාර්ෂික වාර්තාව, 2016 සහ 2020 වර්ෂ සඳහා පාරිභෝගික කටයුතු අධිකාරියේ වාර්ෂික වාර්තාව සහ 2020 වසර සඳහා ශ්‍රී ලංකා ප්‍රතීතන මණ්ඩලයේ වාර්ෂික වාර්තාවය.
මෙම රැස්වීමට රාජ්‍ය අමාත්‍ය අනුප පැස්කුවල් මහතා ද අමාත්‍යාංශයේ නිලධාරීහු පිරිසක්ද සහභාගිවූහ.