27 C
Colombo
28/11/2024

නිසි පෝෂණයක් නැති නිිසා ළමුන් ක්ලාන්ත වීම සාමාන්‍ය දෙයක්

Share with your friends :

පසුගිය මාස කිහිපයේදී කොළඹ නගර මධ්‍යයේ පිහිටි රජයේ පාසලක, පන්තිය මැදදී ළමුන් ක්ලාන්ත වීම සාමාන්‍ය දෙයක් බවට පත් වූ බව ද ගාර්ඩියන් වෙබ් අඩවිය පවසයි.

කොළඹ නගරාසන්නයේ වෙසෙන පවුල් වල දරුවන් තම දෙමාපියන් බොහෝ අමාරුවෙන් දිනකට කෑම වේලක් සොයා ගන්නා බැවින් නිශ්ශබ්දව කුසගින්නේ පාසල් පැමිණෙන බව ද ගාර්ඩියන් වෙබ් අඩවිය පෙන්වා දෙයි.

ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය හේතුවෙන් තම දරුවන්ට කිරි,බිත්තර,මස් ලබා දීමට දෙමාපියන්ට හැකියාවක් නොමැති බව ද ගාර්ඩියන් වෙබ් අඩවිය පවසයි.

ප්‍රවාහනය,පාසල් නිල ඇඳුම්, සපත්තු සහ ලිපි ද්‍රව්‍ය වල මිල අධික වීම හේතුවෙන් ඇතැම් දරුවන් පාසල් නොපැමිණෙන බව ගුරුවරයෙකු ප්‍රකාශ කළබව ද ගාර්ඩියන් වෙබ් අඩවිය පැවසුවේය.

දරුවන්ගේ කුසගින්න සහනයක් ලබා දීමට දිවා ආහාර වැඩසටහනක් ආරම්භ කර ඇති බවත් ගුරවරුන් පුද්ගලිකව හැකි සෑම අවස්ථාවක දීම දරුවන් ආහාර ලබා දීමට උත්සහ කරන බව ගුරුවරියක ප්‍රකාශ කළ බවත් නමුත් පවතින ආහාර මිල ගණන් සමග එය ඉතාමත් අපහසු ක්‍රියාවක් බවත් ඇය පෙන්වා දුන් බව ද ගාර්ඩියන් වෙබ් අඩවිය ප්‍රකාශ කළේය.

වංචා හා දූෂණය, කොවිඩ් වසංගතය සහ යුක්රේන යුද්ධය මගින් සංකලනය වූ විනාශකාරී ආර්ථික තීරණ මාලාවක ප්‍රථිඵලයක් ලෙස ශ්‍රී ලංකාවට මෙම තත්ත්වය උදාවුණු බව ද ගාර්ඩියන් වෙබ් අඩවිය පෙන්වා දුන්නේය.

කොළඹ පාරිභෝගික මිල දර්ශනයට අනුව සැප්තැම්බර් මස ආහාර උද්ධමනය සියයට 94.9 කට ඉහළ ගොස් ඇති බවත් එයින් අදහස් කරන්නේ දෙමාපියන්ට බත්, පරිප්පු වැනි මූලික දේ පවා ලබා ගැනීමට නොහැකි වී ඇති අතර, එළවළු සහ මස් බොහෝ නිවෙස්වලට දැරිය නොහැකි සුඛෝපභෝගී භාණ්ඩ බවට පත්ව ඇති බවත් යැයි ද ගාර්ඩියන් වෙබ් අඩවිය ප්‍රකාශ කළේය.

Share with your friends :