27 C
Colombo
28/11/2024

22 සම්මත කිරීම ලෝකයටම ආදර්ශයක්

Share with your friends :

කෘතහස්ත ප්‍රජාතන්ත්‍රවාදී නායකයෙකු ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ලෝකයට අගනා ආදර්ශයක් ලබා දුන් බව රුහුණ විශ්වවිද්‍යාලයේ කුලපති ආචාර්ය අකුරැටියේ නන්ද හිමියෝ පැවසූහ.

සේදවත්ත, වේරගොඩ පුරාණ විහාරස්ථානයේ කඨින මහා පුණ්‍යෝත්සවය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සහභාගීත්වයෙන් අද (22) පෙරවරුවේ පැවැත්වුණු අතර එහිදී අනුශාසනාවක් කරමින් උන්වහන්සේ මේ බව පැවසූහ.

ජනාධිපති ධූරයේ ඒකාධිපති බලතල පාර්ලිමේන්තුව සතු කරමින් ජනාධිපතිවරයා ගත් මේ ක්‍රියාමාර්ගය නිසැකයෙන්ම රටේ අභිවෘද්ධියට හේතුවනු ඇති බව ද උන්වහන්සේ සඳහන් කළහ.

සේදවත්ත විහාරාධිපති අඹන්වෙල ඥානාලෝක හිමිගේ අනුශාසනා පරිදි වාර්ෂික කඨින පිංකම සංවිධානය කර තිබිණි.

කඨීන චීවරය ඊයේ (21) පෙරවරුවේ පෙරහරකින් ජනාධිපති කාර්යාලය වෙත වැඩමවා එහි තැන්පත් කර කාර්ය මණ්ඩලයට වන්දනාමාන කටයුතු සඳහා ඉඩ සලසා දීම ද සිදු කෙරුණු අතර ඊයේ පස්වරුවේ නැවතත් කඨින චීවරය පෙරහරකින් වැඩම කරවීම සිදු කෙරිණි

අද පෙරවරුවේ විහාරස්ථානය වෙත ගිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ආගමික වතාවත්වල නිරතවීමෙන් අනතුරුව කඨින චීවර පූජාව සහ භික්ෂූන් වහන්සේ උදෙසා දානය පිළිගැන්වීමට ද එක් විය.

Share with your friends :