27 C
Colombo
28/11/2024

රේගුවෙන් ඇල්ලූ හමර් රථය වෙන්දේසියේදී ආනයනයකරුටම දීලා

Share with your friends :

රාජසන්තක කර තිබූ හමර් වර්ගයේ මෝටර් රථයක් වෙන්දෙසීයේදී ආනයනයකරුවාටම දීම සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව පරික්ෂණයක් ආරම්භ කර ඇත.

මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සි්‍යඹලාපිටිය මහතාගේ උපදෙස් පරිදි මුදල් අමාත්‍යංශයේ ලේකම්වරාය පොලිස්පතිවරයාට කර තිබූ පැමිණිල්ලකට අනුව එම පරීක්ෂණය ආරම්භ කර ඇත.

නීති විරෝධී ලෙස මෙරටට ආනයනය කර තිබූ හමර් වර්ගයේ මෝටර් රථයක් ශ්‍රී ලංකා රේගුව මගින් රාජසන්තක කර තිබූ අතර පසුව පැවැති වෙන්දේසියේදී එම රථය ආනයනයකරුවාම ලබා ගැනීම පිළිබඳව ඉකුත් කාලයේදී ආන්දෝලනාත්මක තත්ත්වයක් ඇති විය.

එම සිද්ධිය සම්බන්ධයෙන් තමාට වාර්තාවක් ලබාදෙන්නැයි මුදල් රාජ්‍ය අමාත්‍යවරයා රේගු අධ්‍යක්ෂවරයාට දන්වා ඇත.

එම වාර්තාව රාජ්‍ය අමාත්‍යවරයාට ලැබී ඇති අතර එහි ඉදිරිපියවරක් ලෙස පොලිස්පතිවරයාට පමිණිලි කර තිබේ.

Share with your friends :