ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය විසින් නව ජල සම්බන්ධතාවක් ලබාදීම සඳහා වන ගාස්තු 70% දක්වා ප්රමාණයකින් ඉහළ නංවා ඇත.
ඒ අනුව මෙතෙක් රුපියල් 16,000 ක්ව පැවති අඟල් භාගයේ නව ජල සබඳතාවක් ලබා ගැනීමට රුපියල් 27,200 ක් දක්වා ඉහළ ඇත.
අඟල් තුන්කාල ජල සබඳතාව රුපියල් 30,000 සිට රුපියල් 51,000 ක් දක්වා ඉහල දමා ඇත.
මෙම මිල ඉහළ දමා ඇත්තේ ජලනල උපාංග මිල ඉහළ යාම හේතුවෙන් යයිද මණ්ඩලය කියයි.