27 C
Colombo
27/11/2024

ජාවාරම් කරන්න රන් පැළඳ ඒමෙන් මසකට ඩොලර් මිලියන 30ක් අහිමි වෙයි

Share with your friends :

ජාවාරම් කිරීමේ අරමුණින් ප්‍රමාණය ඉක්මවා රන් භාණ්ඩ පැළඳ විදේශයන්හි සිට මෙරටට පැමිණෙන පුද්ගලයන් හේතුවෙන් ශ්‍රී ලංකාවට මසකට ඇමෙරිකානු ඩොලර් මිලියන 30 ක් අහිමි වන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ප්‍රකාශ කළේය.

දැනටමත් මෙම ජාවාරම්කරුවන් හඳුනාගෙන ඇති බවත් ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා වහාම පියවර ගන්නා බවත් සියඹලාපිටිය මහතා පැවසුවේය.නමුත් සාමාන්‍ය මගීන්ට මින් කිසිඳු අසාධාරණයක් නොවන බවද ඔහු අවධාරණය කළේය.

Share with your friends :