රුධිර කැටිගැසීම පිළිබද පරීක්ෂණ සදහා ප්‍රතික්‍රීයක මිලදී ගැනීමට ඖෂධ සංස්ථාව පසුගිය අගෝස්තු මාසයේ කැඳවූ ටෙන්ඩරය අවසන් කර එම ප්‍රතික්‍රීයක වර්ගයේම වැඩි තොගයක් මිලදීගැනීමට නැවත ටෙන්ඩර් කැඳවීම පිළිබඳව විමර්ෂණයන් පවත්වන ලෙස ඉල්ලා සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයාට ලිපියක් යොමුකර තිබේ.
ප්‍රතික්‍රීයක නොමැතිවීම හේතුවෙන් රෝහල්වල එම පරීක්ෂාව කළ නොහැකි තත්වයක් තිබියදී කල්ගතකරමින් සිට ටෙන්ඩරය අහෝසි කර ඇති බවත් ඖෂධ සංස්ථාවත්, නියාමන අධිකාරියත් වලංගු කිරීමේ ඒකාධිකාරයක් පවත්වා ගනිමින් සිටින විශේෂඥයින් ව්‍යාජ කඹ ඇදීමක් පෙන්වා, ඔවුන්ට අවශ්‍ය සමාගමට අවස්ථාව ලැබෙන තෙක් මෙලෙස ටෙන්ඩර අවලංගු කිරීම සහ නැවත ටෙන්ඩර් කැඳවීම සැලසුම් සහගත ක්‍රියාත්මක කර ඇති බවත් කුමුදේශ් මහතා වැඩි දුරටත් සඳහන් කරයි.