27 C
Colombo
28/11/2024

තවත් ආයතන පහක ලොක්කෝ කෝප් කමිටුව හමුවට

Share with your friends :

තවත් ආයතන පහක ප්‍රධානීන් පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝප් කමිටුව) හමුවට කැඳවීමට එම කාරක සභාව තීරණය කර ඇත.

ඒ අනුව ලංකා ධීවර සංස්ථාව, විදේශ රැකියා නියුක්ති කාර්යාංශය, ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව, ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය සහ ශ්‍රි ජයවර්ධනපුර මහ රෝහල යන ආයතනවල ප්‍රධානීන් කෝප් කමිටුව හමුවට ඉදිරි දිනවල කැඳවෙනු ඇත.

මේ අතර කෝප් කමිටුවේ ඉදිරි කටයුතු සඳහා විගණකාධිපතිවරයා සහ රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුව සක්‍රීයව දායක කර ගැනීමටද තීරණය කර ඇතැයි කෝප් කමිටුවේ සභාපති මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා පැවසීය.

විශේෂයෙන් ආයතන කැඳවීම, අනු කමිටු පත් කිරීම සහ පසුවිපරම් කිරීම යන කරුණු සඳහා විගණකාධිපතිවරයාගේ දායකත්වය ලබා ගැනීමටත් එකතු කළ හැකි ආයතන එකතු කිරීමටත් සුළුතර කොටස් ප්‍රමාණයක් ඇති ආයතන 17ක් ලැයිස්තුවෙන් ඉවත් කිරීමට රාජ්‍ය ව්‍යවසාය දෙපාර්තමේන්තුවේ දායකත්වය ලබා ගැනිමටත් මෙහිදී තීරණය විය.

එස් පවර් ඇඹිලිපිටිය ව්‍යාපෘතිය පිළිබඳව සාකච්ඡා කිරීමටද කමිටුව තීරණය කළේය.

Share with your friends :